ගාල්ල මහා නගර සභාව මගින් නොමිලයේ පාසල් පොත් හා උපකරණ බෙදාදීම.

ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක පුර නැගුමට වැඩ දහසක් වැඩසටහන යටතේ ගාල්ල මහා නගර සභාව මගින් ගාල්ලේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ අභ්‍යාස පොත් හා උපකරණ කට්ටල 11000 ක් බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය 2020.12.02 දින ගාල්ල, මාඉටිපේ, මිරිස්වත්ත සුධර්මාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.

ගාල්ල නගර ශාලාව නවීකරණය කිරීම

ගාල්ල මහා නගර සභාව සතු ගාල්ල නගර ශාලාව නවීකරණය කිරීම 2020.11.18 දින ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමාගේ සහ ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුළු ගරු නාගරික මන්ත්‍රි මණ්ඩලයේ ආරාධනයෙන් වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලියම් ගමගේ මැතිතුමා,...

ගාල්ල මහා නගර සභාවේ සේවක ඇගයීමක්

ගාල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ අංශයේ සේවක පිරිසක් 2020.10.24 දින ගාල්ල කොටුව ප්‍රදේශයේ සේවයේ යෙදී සිටිය දී බිම වැටී තිබූ බෑගයක් හමුවී එය කොටුව සංචාරක පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇති අතර විවාහ මංගල්‍යයකට පෙර ඡායාරූප ගැනීමට පැමිණි යුවලකට අයත් මෙම බෑගයේ තිබූ මුදල්, ලැප්ටොප් පරිගණයක් හා බැංකු කාඩ්පත් ඇතුළු තවත් ලියකියවිලි රැසක් යළිත් එහි හිමිකරුවන්ටම භාර දීමට ක්‍රියා කර ඇත.

ගාල්ල මහා නගර සභාවේ කාර්ය මණ්ඩලය සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම

ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කෙරෙන කෝවිඩ් 19 වසංගත රෝග මර්දන වැඩසටහන් අතර ගාල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ සේවයේ නියුතු කසළ එකතු කිරීම සඳහා නිවෙස් කරා යන සේවක මහතුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල සඳහා 2020.11.11 දින PCR පරීක්ෂණ සිදුකරන ලදි.

ගාල්ල දංගෙදර ඩිඩිස්වත්ත පාලම සංවර්ධනය කිරීම

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මොරගොඩ ඇල සංවර්ධන වැඩසටහනේ ගාල්ල දංගෙදර ඩිඩිස්වත්ත පාලම සංවර්ධනය කිරීමට අදාළ වැඩ ආරම්භ කිරීම 2020.11.10 වන දින එම ස්ථානයේ දී සිදුවිය.

ඉන්දියාවේ කොන්සල් ජනරාල්තුමාගේ පැමිණීම

2020.10.23 දින ඉන්දියාවේ කොන්සල් ජනරාල්තුමා ගාල්ල මහා නගර සභාවට පැමිණි අවස්ථාවේ ගරු නගරාධිපතිතුමා හා ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා අතර පැවති සාකච්ඡාව.

කෝවිඩ් 19 වසංගත රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම

නැවතත් හිස ඔසවා ඇති කෝවිඩ් 19 වසංගත රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කෙරෙන මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථාන විෂබීජ හරණය කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

2020 ලෝක ළමා දින උත්සවය

ගාල්ල මහා නගර සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශ්ව ළමා දින උත්සවය 2020 වර්ෂය සඳහා ද ගාල්ල මහා නගර සභාවේ පෙරපාසල් දරු දැරියන් 550 ට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ගාල්ල, කොටුව උසාවි චතුරස්‍රයේ දී 2020.10.01 දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම කටයුත්ත ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සහ

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමියගේ ගාල්ල නගර සංචාරය

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමියගේ ගාල්ල නගර සංචාරය අතරතුර ගාල්ල මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා සහ ගාලු උරුමය පදනමේ ගරු සභාපති තුමා සමග පැවති සාකච්ඡාව 2020.09.23 - නගරාධිපති කාර්යාලය ගාල්ල මහා නගර සභාව

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ මේ වන විට ක්‍රියාත්මක ගාල්ල කොටුව රෑම්පාට් පැකේජ් 01 හා පැකේජ් 02 සම්බන්ධව ප්‍රගති සමාලෝචන සාකච්ඡාව සහ ක්ෂේත්‍ර පරීක්ෂාව 2020.09.08 දින එම ක්ෂේත්‍රයේ දී සිදුවිය.