2023.01.14 දින ගාලු පුරහල විවෘත කිරීම

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන්, ගාල්ල මහා නගර සභා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් හා ගාල්ල මහා නගර සභා මුදල් ප්‍රතිපාදන මත රුපියල් මිලියන 125ක පමණ මුදලක් වැය කරමින් පූර්ණ වශයෙන් නවීකරණය කරන ලද ගාලු පුරහල ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගණවර්ධන මැතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමේ කෙටි උත්සවයක් 2023.01.14 දින පැවැත්විණි.

මෙම අවස්ථාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමා, ගරු හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මැතිතුමා, ගරු නගරාධිපති ප්‍රියන්ත ජී සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ නාගරික කොමසාරිස් දිලිනි සුමාලි මෙනවිය අතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා නගර සභා කාර්ය මණ්ඩලයේ රැසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

https://facebook.com/story.php?story_fbid=pfbid0Bq9mLpsMcpAKokvckZSeFsq12dn9fB1C6CcTkGq8PcHJ1hGiY6YdKRFesZQkZtdZl&id=100057075564794