අනුමත අනු-බෙදුම් සඳහා නව දේපළ අංක ලබා දීම

  1. සැ.යු. - මෙහිදී නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් අදාළ අනු-බෙදුම් සඳහා විධිමත් අනුමැතිය ලබා තිබිය යුතුය. නාගරික ඉංජිනේරු වෙතින් විධිමත් පරිදි අනුමත කරන ලද අනුබෙදුම් සැලැස්ම වරිපනම් අංශය වෙත එවීම. හෝ විධිමත් අනුමැතිය ලද අනු-බෙදුම් සැලැස්ම සහිතව නව දේපළ අංක ලබා දෙන ලෙස අයිතිකරු විසින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.
  2. මුල් දේපළ සම්බන්ධ ලේඛන ගත තොරතුරු ලබා ගැනීම.
  3. ඉදිරිපත් කර ඇති ඉල්ලීම හා සැසදීම් කිරීම.
  4. මුල් දේපළට අදාළ හිඟ වරිපනම් බදු ඇත්නම් අය කිරීම
  5. අදායම් පරීක්ෂක ලවා ස්ථානීය පරීක්ෂණක් කර වාර්තාවක් ලබා ගැනීම.
  6. ප්‍රාදේශීය තක්සේරුකරු වෙතින් නව තක්සේරු වාර්තා ලබා ගැනීම සඳහා ගොනුව යොමු කිරීම.
  7. නව දේපළ අංක ලේඛනගත කිරීම.