පුවත්
2023.02.28 දින කවෂිමා යන්ත්‍රයේ වැඩ ආරම්භ කිරීම
ගාල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් ලැබුණු කවෂිමා යන්ත්‍රයේ වැඩ ආරම්භ කිරීම 2023.02.28 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ද ප්‍රධානත්වයෙන් සිදුවුන්. මෙම යන්ත්‍රය මගින් දිනකට කසළ ටොන් 50 ක් පමණ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමේ හැකියාව ලැබේ.
2023.02.07 හා 08 දෙදින මැහුම් හා සූපවේදී නිර්මාණ දැක්ම.
ගාල්ල මහා නගර සභා ප්‍රජා සංවර්ධන ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන මැහුම් හා සූපවේ දී පාඨමාලාවන් 2022 වර්ෂයේ දී හැදෑරූ සිසුවියන්ගේ නිර්මාණ දැක්මක් හා සහතික ප්‍රධානෝත්සවය 2023.02.07 හා 08 දෙදින තුල ගාල්ල නගර ශාලාවේ දී ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.
2023.01.14 දින ගාලු පුරහල විවෘත කිරීම
5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් සඳහා විශේෂ මහා සම්මන්ත්‍රණය
2022.11.09 දින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජේ.ඒ. ලියනගේ මැතිණිය පැමිණීම
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජේ.ඒ. ලියනගේ මැතිණිය සහ එම නියෝජිත පිරිස හා වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත ගරු කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, ගාල්ල ගරු නගරාධිපති ප්‍රියන්ත ජි. සහබන්දු මැතිතුමා,
ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මැතිතුමා, නාගරික කොමසාරිස් (රා.ඉ.) දිලිනි සුමාලි මෙනවිය සමග 2022.11.09 දින මුණගැසි ගාල්ල නගරයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුුතු පිළිබඳ සාකච්ඡා කරන ලදි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු සාරා හල්ටන් (Sarah Hulton) මැතිණිය පැමිණීම
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු සාරා හල්ටන් (Sarah Hulton) මැතිණිය ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජි. සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මැතිතුමා, නාගරික කොමසාරිස් (රා.ඉ.) දිලිනි සුමාලි මෙනවිය සමග 2022.11.02 දින මුණගැසි ගාල්ල නගරයේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කරන ලදි
විශ්ව ළමා දින උත්සවය 2022 වර්ෂය
2022.05.20 දින මකුළුව ග්‍රාම නිලධාරී වසමේ ඩෙංගු මර්දන වැඩසටහන
සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ 2022.05.20 දින මකුළුව ග්‍රාම නිලධාරී වසමේ මාර්ග දෙපස කාණු සුද්ද කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකෙරිණි.
2022.05.19 දින කරාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ඩෙංගු මර්දන වැඩසටහන
සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ 2022.05.19 දින කරාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාර්ග දෙපස කාණු සුද්ද කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකෙරිණි.