2023.02.28 දින කවෂිමා යන්ත්‍රයේ වැඩ ආරම්භ කිරීම

ගාල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් ලැබුණු කවෂිමා යන්ත්‍රයේ වැඩ ආරම්භ කිරීම 2023.02.28 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ද ප්‍රධානත්වයෙන් සිදුවුන්. මෙම යන්ත්‍රය මගින් දිනකට කසළ ටොන් 50 ක් පමණ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමේ හැකියාව ලැබේ.

2023.02.07 හා 08 දෙදින මැහුම් හා සූපවේදී නිර්මාණ දැක්ම.

ගාල්ල මහා නගර සභා ප්‍රජා සංවර්ධන ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන මැහුම් හා සූපවේ දී පාඨමාලාවන් 2022 වර්ෂයේ දී හැදෑරූ සිසුවියන්ගේ නිර්මාණ දැක්මක් හා සහතික ප්‍රධානෝත්සවය 2023.02.07 හා 08 දෙදින තුල ගාල්ල නගර ශාලාවේ දී ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.

2023.01.14 දින ගාලු පුරහල විවෘත කිරීම

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන්, ගාල්ල මහා නගර සභා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් හා ගාල්ල මහා නගර සභා මුදල් ප්‍රතිපාදන මත රුපියල් මිලියන 125ක පමණ මුදලක් වැය කරමින් පූර්ණ වශයෙන් නවීකරණය කරන ලද ගාලු පුරහල ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගණවර්ධන මැතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමේ කෙටි උත්සවයක්

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් සඳහා විශේෂ මහා සම්මන්ත්‍රණය

ගාල්ල මහා නගර සභාව මගින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් සඳහා සංවිධානය කරන ලද “විශිෂ්ඨයන්ට පාර කියන අපූරු වැඩමුළුව“ විශේෂ මහා සම්මන්ත්‍රණය 2022.11.26 දින සහ 2022.12.03 දෙදින ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී දරු දැරියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2022.11.09 දින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජේ.ඒ. ලියනගේ මැතිණිය පැමිණීම

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජේ.ඒ. ලියනගේ මැතිණිය සහ එම නියෝජිත පිරිස හා වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත ගරු කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, ගාල්ල ගරු නගරාධිපති ප්‍රියන්ත ජි. සහබන්දු මැතිතුමා,
ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මැතිතුමා, නාගරික කොමසාරිස් (රා.ඉ.) දිලිනි සුමාලි මෙනවිය සමග 2022.11.09 දින මුණගැසි ගාල්ල නගරයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුුතු පිළිබඳ සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු සාරා හල්ටන් (Sarah Hulton) මැතිණිය පැමිණීම

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු සාරා හල්ටන් (Sarah Hulton) මැතිණිය ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජි. සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මැතිතුමා, නාගරික කොමසාරිස් (රා.ඉ.) දිලිනි සුමාලි මෙනවිය සමග 2022.11.02 දින මුණගැසි ගාල්ල නගරයේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කරන ලදි

විශ්ව ළමා දින උත්සවය 2022 වර්ෂය

ගාල්ල මහා නගර සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශ්ව ළමා දින උත්සවය 2022 වර්ෂය සඳහා ද ගාල්ල මහා නගර සභාවේ පෙරපාසල් දරු දැරියන් 550 ට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ගාල්ල, ධර්මපාල උද්‍යානයේ දී 2022.10.11 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම උත්සවය ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා,

2022.05.20 දින මකුළුව ග්‍රාම නිලධාරී වසමේ ඩෙංගු මර්දන වැඩසටහන

සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ 2022.05.20 දින මකුළුව ග්රාම නිලධාරී වසමේ මාර්ග දෙපස කාණු සුද්ද කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකෙරිණි.

2022.05.19 දින කරාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ඩෙංගු මර්දන වැඩසටහන

සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ 2022.05.19 දින කරාපිටිය සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාශයේ මාර්ග දෙපස කාණු සුද්ද කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකෙරිණි.