ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ 2021.11.19 හා 2021.11.20 දිනයන්හි මාගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ දි හා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දී වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම සිදු කරන ලද අතර එන්නත් මාත්‍රා 6168 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා
කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි.
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙසේ තුන්වන මාත්‍රාවක් ලබා දීමට රජය තීරණය කිරීමත් සමග කඩිනමින් ක්‍රියාත්මක වී ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ප්‍රථමයෙන්ම ගාල්ල මහා නගර සභා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාවය ලබා දීම සම්බන්ධයෙන් ගරු නගරාධිපතිතුමා අදාළ සියළු පාර්ශවයන්ට විශේෂ ස්තූතියක් පලකර සිටී.