කසළින් තොර දකුණු පුරවරයක්

දකුණු පළාතේ දිනකට ජනණය වන මුළු කසළ ප්‍රමාණය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 340 ක් පමණ වේ. එමගින් පළාත් පාලන ආයතන එකතු කරන්නේ කසළ මෙට්‍රික් ටොන් 230 ක් පමණි.

waste_management_color_code

 

ඔබ දන්නවාද

2016 ජුනි මස 01 වන දින සිට දකුණු පළාතේ වෙන් නොකරන ලද කසළ මහා නගර සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව විසින් භාර නොගනී.

ඔබ කළයුත්තේ

  • නිවසේ කසළ ජනනය වන ප්‍රමාණය හැකිතරම් අඩු කිරීමට පියවර ගැනීම
  • නිවසේදීම පහසුවෙන් නොදිරන (කඩදාසි, කාඩ්බෝඩ්, පොල්කටු) සහ නොදිරන (පොලිතීන්, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ) කසළ වෙන් වෙන්ව එකතු කිරීම හා ප්‍රාදේශීය සභාව / නගර සභාව වෙත වෙන් වෙන්ව භාර දීම.
  • හැකි සෑම විටම නිවසේ පහසුවෙන් දිරන කසළවලින් කොම්පෝස්ට් පොහොර සාදාගැනීම. එසේ නොමැති නම් වෙන වෙනම බහාලුමක ප්‍රාදේශීය සභාව / නගර සභාව වෙත භාර දීම.

එමගින්

  • ඔබ අවට පරිසරය කසළින් තොර සුවදායක පරිසරයක් වනු ඇත.pollution-clipart-waste-segregation-1
  • ඩෙංගු ආදී උවදුරු වලින් වැළකිය හැකිවනු ඇත.
  • පළාත් පාලන ආයතනයට ඉතාමත් පහසුවෙන් හා අඩු වියදමකින්, කාර්යක්ෂමව නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කර ගැනීමට හැකිවීමෙන් ඔබගේ අනෙකුත් ගැටළු සඳහා මැදිහත් වීමට පළාත් පාලන ආයතනයට වැඩි අවකාශයක් සැලසෙනු ඇත.
  • නොදිරන ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පහසු වී කර්මාන්ත සඳහා අමුද්‍රව්‍යක් ලෙස නැවත ප්‍රයෝජයනට ගැනීමෙන් වැඩි විදේශ විනිමයක් රටට ඉතිරි කරගත හැක.
  • ගුණාත්මක බවින් වැඩි කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීමෙන් පාළාත් පාලය ආයතනයට වැඩි ආදායම් උපයාගත හැක.

pollution-clipart-waste-segregation

 

 

 

 

 

 

 

 

 

 

 

මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ජාතික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය හා ගාල්ල මහා නගර සභාවේ පණිවිඩයකි