නව ඉදිකිරීම් තක්සේරු කිරීම හා නව වරිපනම් අංක ලබා දීම
- සැ.යු.:- මෙහිදී අනුමත සැලැස්මට අනුව නව ඉදිකිරීම නිසි පරිදි සිදුකර ඇති බවට නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් අනුකූලතා සහතිකය ලබා තිබිය යුතුය. නාගරික ඉංජිනේරු වෙතින් විධිමත් පරිදි අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්ම හා අනුකූලතා සහතිකය ඇතුළත් ගොනුව හා නාගරික මුදල් දෙපාර්තමේන්තුවේ වරිපනම් අංශය වෙත එවීම. හෝ විධිමත් අනුමැතිය සමග ගොඩනැගිලි සැලැස්ම හා අනුකූලතා සහතිකයේ සහතික කරන ලද පිටපත් සහිතව ලිඛිතව ඉල්ලීමක් ලේඛනගත අයිතිකරු විසින් ඉදිරිපත් කිරීම.
- මුල් දේපළ සම්බන්ධ ලේඛනගත තොරතුරු ලබා ගැනීම
- ඉදිරිපත් කර ඇති ඉල්ලීම හා ලේඛනගත තොරතුරු සැසදීම
- ආදායම් පරීක්ෂක ලබා ස්ථානීය පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා ගැනීම
- නව දේපළ අංක සඳහා ලියාපදිංචි ගාස්තු හා හිඟ වරිපනම් බදු අය කිරීම.
- නව තක්සේරුව හා නව අංක ලේඛන ගත කිරීමට කටයුුතු කිරීම.