දේපළ අයිතිය සංශෝධනය කිරීම

ඉදිරිපස කවුන්ටරයෙන් ඔප්පු සාරාංශ පත්‍රයක් මිල දී ගෙන එය ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු ලවා එය නිසි පරිදි පුරවා වරිපනම් අංශයේ කළමනාකරණ සහකාර (ඔප්පු සාරාංශ) වෙත ඉදිරිපත් කල යුතුය. ඔප්පු සාරාංශ පත්‍රය පිරවීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී පහත උපදෙස් පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

  • ඔප්පු සාරාංශ පත්‍රය හා හිමිකම් සහතිකය නීතීඥවරයෙකු / නොතාරිස්වරයෙකු ලවා නිවැරදිව සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතුය.
  • පෙළපත් විස්තරය එයට ඇමිණිය යුතුය.
  • අවසාන වරට දේපළ පවරන ලද ඔප්පුවේ පිටපත් සත්‍ය ඡායා පිටපත් බවට (නීතීඥවරයා ලවාම) සහතික කොට (සෑම පිටුපක්ම) ඉදිරිපත් කළ යුතුය.
  • සත්‍ය ඡායා පිටපතක් ලෙස සහතික කරන ලද අදාළ මානක සැලැස්මේ පිටපත් 03 ක් ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ වන අවස්ථා වල දී අවසන් වූ නඩු තීන්දු හා වෙනත් ලියකියවිලි පිටපත් ද සත්‍ය ඡායා පිටපත් බවට නීතීඥවරයෙකු/ නොතාරිස්වරයෙකු ලවා සහතික කරවාගෙන ඉදිරිපත් කළ යුතුය.
  • ටිපෙක්ස් පාවිච්චි නොකළ යුතුය. තනි ඉරකින් කපා වෙනස් කළ බවට කෙටි අත්සන් යොදා සියළු වෙනස් කිරීම් තහවුරු කළ යුතුය.
  • අඩුපාඩු සහිත ඔප්පු සාරාංශ පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.
Amending ownership of property