ප්‍රවර්තන වර්ෂයේ වරිපනම් බදු අයකිරීම

 

වාර්ෂික තක්සේරු දැන්වීම නිකුත් කිරීම

 

විමසීම්: ප්‍රධාන කළමනාකරණ සහකාර (වරිපනම් බදු) දුරකථන අංක - 091 5703509

වරිපනම් බදු අයකිරීම දේපල වල වාර්ෂික තක්සේරුව මත පහත පරිදි වේ.

I. නේවාසික දේපල සඳහා 7%

II. ව්‍යාපාරික දේපල සඳහා 12%

III. රජයේ දේපල සඳහා 22%

IV. මුඩු ඉඩම් සඳහා 22%

V.  වෙනත්  22%

සැ.යු. :- අදාල වර්ෂයට ගෙවිය යුතු මුළු වරිපනම් බදු මුදල හිඟ වලින් තොරව එකී වර්ෂයේ ජනවාරි 31 දිනට පෙර ගෙවන්නේ නම් 10% ක වට්ටමක් ද අදාල වර්ෂයේ වරිපනම් බදු මුදල එක් එක් කාර්තුවේ (පහත සඳහන් පරිදි) මුල් මාසය තුල ගෙවා නිම කරන්නේ නම් 5% ක වට්ටමක් ද හිමිවේ.

1 කාර්තුව සඳහා - ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා

2 කාර්තුව සඳහා - අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා

3 කාර්තුව සඳහා - ජූලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා

4 කාර්තුව සඳහා - ඔක්තෝම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා

 

නියමිත කාර්තුව තුල වරිපනම් බදු ගෙවා නිම නොකිරීමේ දී වරෙන්තු ගාස්තු ලෙස පහත පරිදි දඩ මුදල් අයකිරීමට සිදුවනු ඇත.

I.   නේවාසික 15%

II.  ව්‍යාපාරික 20%

III. ඉඩම් 15%