කසළ කළමනාකරණ අංශය

සිදුවන සේවාව:-

  1. කසළ කළමනාකරණයට අදාල කටයුතු කරන සේවකයින්ගේ සියලු ආයතනික කටයුතු කිරීම
  2. මහජන පැමිණිලි පිළිබඳ වාර්තා කිරීම හා ඒවා සම්බන්ධයෙන් කටයතු කිරීම
  3. කසළ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  4. මල අපවහන කටයුතු ඉටු කිරීම
  5. නගරය පිරිසිදුව තබා ගැනීමේ කටයුතු ඉටු කිරීම
  6. කසළ බැහැර කිරීමේ භූමිය නඩත්තු කිරීම

සේවාවන් ලබා දීමේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙල:-

  1. 091 2234593 දුරකථන අංකයට ලබාදෙනු ලබන පැමිණිලි සටහන් කර ගනිමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම
  2. ලබාගනු ලබන කසළ වෙන්කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගැනීම
  3. මල අපද්‍රව්‍ය අදාල නිවසට ගොස් ලබා ගනිමින් හික්කඩුව මල අපවහන පද්ධතියට රැගෙන යාම. (මේ සඳහා අදාළ අයකිරීම් කරනු ලැබේ)
  4. දිනපතා කාල සටහනකට අනුව නගරයේ කසළ ඉවත් කිරීම