2022 පෙබරවාරි මස 02, 03, 04 හා 06 දිනයන්හි කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ 2022 පෙබරවාරි මස 02, 03, 04 හා 06 දිනයන්හි ගාල්ල, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දි වයස අවුරුදු 12 ට වැඩි දරුවන් හා පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ පළමු, දෙවන හා තුන්වන මාත්‍රාව ලබා දීම සිදු කරන ලද අතර එන්නත් මාත්‍රා 7424 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි.