2022.01.26 LED වීථි පහන් සවිකිරීමේ තෙවන අදියර සමාරම්භක උත්සවය

පුර නැගුමට වැඩ දහසක් තේමාව යටතේ ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශය තුල LED වීථි පහන් කට්ටල 5000 ක් සවිකිරීමේ වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය 2022 ජනවාරි 26 දින ගාල්ල මොරිස් පාරේ හා හිරිඹුර පාරේ වීථි පහන් කට්ටල සවි කරමින් ආරම්භ කල අතර ගරු නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම උත්සවය සඳහා ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලය හා නගර සභා නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී විය.