2020 ලෝක ළමා දින උත්සවය

ගාල්ල මහා නගර සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශ්ව ළමා දින උත්සවය 2020 වර්ෂය සඳහා ද ගාල්ල මහා නගර සභාවේ පෙරපාසල් දරු දැරියන් 550 ට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ගාල්ල, කොටුව උසාවි චතුරස්‍රයේ දී 2020.10.01 දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම කටයුත්ත ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සහ

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමියගේ ගාල්ල නගර සංචාරය

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමියගේ ගාල්ල නගර සංචාරය අතරතුර ගාල්ල මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා සහ ගාලු උරුමය පදනමේ ගරු සභාපති තුමා සමග පැවති සාකච්ඡාව 2020.09.23 - නගරාධිපති කාර්යාලය ගාල්ල මහා නගර සභාව

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ මේ වන විට ක්‍රියාත්මක ගාල්ල කොටුව රෑම්පාට් පැකේජ් 01 හා පැකේජ් 02 සම්බන්ධව ප්‍රගති සමාලෝචන සාකච්ඡාව සහ ක්ෂේත්‍ර පරීක්ෂාව 2020.09.08 දින එම ක්ෂේත්‍රයේ දී සිදුවිය.

මොරගොඩ ඇලේ ජලය පාලනය කිරීම සඳහා මූලික ක්ෂේත්‍ර පරීක්ෂණය

පසුගිය දින වල ඇති වූ අධික වර්ෂා තත්ත්වයත් සමග දංගෙදර, මොරගොඩ ප්‍රදේශය වැසි ජලයෙන් යට වූ අතර කාලයක සිටම මෙම ජල ගැටළුව මහජනතාවට මහත් පීඩාකාරී තත්ත්වයක් ඇති කරතිබේ. ඒ සඳහා ස්ථිර විසදුමක් ලෙස පොම්පාගාරයක් මගින් මොරගොඩ ඇලේ ජලය පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘතියේ මූලික ක්ෂේත්‍ර පරීක්ෂණය

සිහේළි තූර්යා දියණිය ගරු නගරාධිපතිතුමා මුණගැසීම

TV දෙරණ ආයතනය මගින් පැවැත්වූ Derana Little Star Season 10 අවසාන මහා තරඟාවලියේ අවුරුදු 08 න් පහළ දක්ෂතම හා ජනප්‍රියම තරුව ලෙස කිරුළු පැළඳි සිහේලි තූර්යා දියණිය 2020.07.28 දින ගරු නගරාධිපතිතුමා මුණගැසීමට පැමිණියාය. එහි දී එම දෙමව්පියන් හා දියණිය ගරු නගරාධිපතිතුමා සමග සුහද පිළිසඳරක යෙදුනු අතර...

බාලදක්ෂ මාවතේ පොදු වැසිකිළිය අලුතින් ඉදි කිරීම.

ගාල්ල නගරයේ බාලදක්ෂ මාවතේ තිබූ පොදු වැසිකිළි පද්ධතිය ආබාධිත පුද්ගලයන් සඳහා ද පරිහරණය කිරීමට උචිත ලෙස ගාලු උරුමය පදනම මගින් අලුතින් ඉදිකර ගාල්ල මහා නගර සභාව වෙත භාර දෙන ලදි.

ගාල්ල මහා නගර සභාව මගින් එළවළු පැල, කොම්පෝස්ට් පොහොර හා බීජ බෙදා දීම

සෞභාග්‍යා ගෙවතු වගා සංග්‍රාමය වැඩසටහන යටතේ ගෙවතු වගාව පිළිබඳ උනන්දුවක් දක්වන අයට එම  කටයුතු වලට දිරිදීමක් වශයෙන් එළවළු පැල, කොම්පෝස්ට් පොහොර හා බීජ  සභා අරමුදලේ දායකත්වය යටතේ ලබා දීමට කටයුතු කෙරිණි. එම එළවළු පැල හා අනෙකුත් ද්‍රව්‍ය ගාල්ල මහා නගර සභා ප්‍රජා සංවර්ධන අංශය හරහා ගාල්ල මහා නගර සභාවේ මන්ත්‍රී මණ්ඩලයේ මග පෙන්වීම මත සභා බල ප්‍රදේශයේ අදාළ පවුල් ඒකක වෙත ලබා දීමට කටයුතු කෙරිණි.

ඉන්දියානු පොත් එකතුවක් ගාල්ල ආචාර්‍ය රිචර්ඩ් පතිරණ පුස්තකාලයට

ගාලු වැසියන් සඳහා සංස්කෘතික තොරතුරු කාර්‍යාලයක් ලෙස "Bharat Ek Parichay" - Sharing Knowledge with TheWorld වැඩසටහන යටතේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්‍යාලය මගින් ඉන්දියානු පොත් එකතුවක් (Indian corner) ගාල්ල මහා නගර සභාවේ ආචාර්‍ය රිචර්ඩ් පතිරණ මහජන පුස්තකාලයට පිරිනැමීම 2019.08.30 දින ඉන්දීය කොන්සල් ජනරල් ප්‍රේම් කුමාර් නයිර් මැතිතුමා විසින් සිදුකරන ලදී.

ගාල්ල ආසියාවේ සුන්දරතම නගර අතරට

ආසියානු කලාපීය රටවල් වල පිහිටි සුන්දර නගර 13ක් අමෙරිකාවේ CNN මාධ්‍ය ආයතනය විසින් නම් කර තිබෙනවා. එම නගර අතරට ශ්‍රි ලංකාවේ ගාල්ල නගරය ද එක්ව තිබෙනවා. “ඓතිහාසික ඕලන්ද බලකොටුව” (Galle Dutch Fort) කේන්ද්‍ර කරගත් ගාල්ල නගරය වශයෙන් මෙම සුන්දරතම නගර අතරට ගාල්ල නගරය එක්කර තිබීම සුවිශේෂීත්වයක්.