2021.12.14 හා 2021.12.15 දිනයන්හි කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ 2021.12.14 හා 2021.12.15 දිනයන්හි
මඩවලමුල්ල, ශ්‍රී සද්ධාතිස්සාරාම පුරාණ විහාරස්ථානයේ දි හා ගාල්ල මහා නගර සභා කාර්යාලය අසළ පිහිටි ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී වයස අවුරුදු 20 ට වැඩි පුරවැසියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම සිදු කරන ලද අතර එන්නත් මාත්‍රා 9083 ක් පමණ ලබා දුන් මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි.