5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් සඳහා විශේෂ මහා සම්මන්ත්‍රණය

ගාල්ල මහා නගර සභාව මගින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් සඳහා සංවිධානය කරන ලද “විශිෂ්ඨයන්ට පාර කියන අපූරු වැඩමුළුව“ විශේෂ මහා සම්මන්ත්‍රණය 2022.11.26 දින සහ 2022.12.03 දෙදින ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී දරු දැරියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ගරු නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මැතිතුමාගේ සහ ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුණු මෙම සම්මන්ත්‍රණය දිවයිනේ දක්ෂ ආචාර්යවරුන් දෙපලක් වන දේශක අශෝක වීරසිංහ මහතා සහ දේශක ටී.එෆ්. ෂුහූඩ් මහතා විසින් මෙහෙයවනු ලැබීය. මෙම වැඩසටහනට සහභාගී වූ දරු දැරියන් සඳහා වර්ණ ෆයිල් කවර, නිබන්ධන, ආර්ශ ප්‍රශ්නපත්‍ර ආදිය ද නොමිලයේ සැපයීමට‍ කටයුතු යොදා තිබිණි.