ගාල්ල ආසනය තුල කොවිඩ් 𝟏𝟗 එන්නත් කිරීමේ වැඩසටහන පිළිබද දැණුවත් කිරීමක්...

Priyantha sahabandu

◙ රජය මගින් දිවයිනපුරා ක්රියාත්මක කරනු ලබන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්රික්කයට මුලින්ම ලැබුන එන්නත් 50000ක් දිස්ත්රික්කය පුරා අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට ලබාදීමේ දී ප්රමුඛතාව ලබා දිය යුතු ග්රාම නිලධාරී වසම් පෙලගැස්ම / තෝරාගැනිම සිදුකරනු ලබන්නේ සෞඛ්ය අංශ විසිනි.

◙ එම ක්රමවේද යටතේ ගාල්ල ආසනය සදහා මේ වනවිට ග්රාම නිලධාරී වසම් පහක කොවිඩ් 19 එන්නත් කටයුතු සිදුකර ඇත.

◙ එසේ තෝරා ගැනෙන ග්රාම නිලධාරී වසම් නම් කිරීමෙන් පසු ග්රාමිය කමිටුව මගින් අදාළ ග්රාම සේවා වසමේ වයස 30 ට වැඩි සියලුදෙනා වෙත වේලාවන් වෙන් කර දීම සිදුකරනු ලබයි. එසේ වේලාවන් වෙන් කරදීම සදහා ක්රමවේද කිහිපයක් භාවිතා වුවත් කුමන ක්රමයට ලියාපදිංචිවුවත් වසමේ ස්ථිර පදිංචි /තාවකාලික පදිංචි අවුරුදු 30 ට වැඩි සියලු දෙනා සුදුසුකම්ලත් අය බැවින් එන්නත් ලබා ගැනීමට හැකියාව ඇත. මෙම වයස් කාණ්ඩය තුල වෙනත් රෝගාබාධ වලින් පෙලෙන අය වෛද්ය පරීක්ෂාව මත එන්නත් කිරීම සිදුකරනු ලබයි.

◙ ග්රාම සේවා වසම සදහා අදාළ වයස් ඛාණ්ඩ වල සියලු දෙනා වෙත එන්නත් වෙන්වුවත් බදු නිවාස හා නොයෙක් හේතුන්මත එන්නත්කරණයට අදාළ දිනයේ දී නොපැමිණෙන අයට වෙන්වන එන්නත් ප්රමාණයක් ඉතුරුවන අවස්ථා තිබිනි.

◙ අවට ග්රාම නිලධාරී වසම්වල පදිංචි එන්නත් කිරීමට කැමැත්ත දක්වන ඉතා සුළු පිරිසක් අදාළ එන්නත් කරන ස්ථාන අසලට වී ඔවුන්ටත් අවස්ථාව ලබාගැනීමට බලාපොරොත්තුව රැදීසිටීම එන්නත්කරණය සිදුකරන සෑම ස්ථානයක දීම දැක ගැනිමට ලැබුණි. එසේම ඔවුන් අතර රජයේ ආයතනවල නිලධාරීන් ද පැමිණි සිටි බව දක්නට ලැබුණි(තැපැල්, ආරක්ෂක අංශ, ටෙලිකොම් වැනි)

◙ අදාළ ග්රාම නිලධාරීවසම් වල එන්නත් ලබාදීම ප.ව. 4.00 පමණ වනවිට 95% ක් පමණ අවසන් වී ඇති බව පැහැදිලි වූ පසු එම ස්ථානයේ රැදි සිටින පිරිස් සියළු දෙනාටම සාධාරණ වන ලෙස පෙලගස්වා ක්රමාණුකූලව එන්නත ලබාදීමක් එන්නත් කරන ලද සෑම ස්ථානයකදීම සිදුකරන ලදි. එසේ වුවත් මෙතෙක් තෝරාගත් ග්රාම නිලධාරී වසම්වල එන්නත් ලැබීමට සුදුසුකම් ඇති කිසිදු කෙනෙකුට අසාධාරණයන් සිදු වී ඇති බවට දැනගැනිමට නැත.

◙ එසේ ඉතිරි වන එන්නත් ප්රමාණය කිසිදු භේදයකින් තොරව හා තෙරපුමකින් තොරව මේ රටේ ක්රියාත්මක වන ඉදිරි එන්නත් වැඩසටහනකදී එන්නත ලැබීමට සුදුසුකම් ඇති අයෙකු වෙත එන්නත ලබාදීමේ වරදක් නොදකිමි.

◙ ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකරනු ලබන ලියාපදිංචි කරන ක්රමවේදය හොද උත්සාහයක් බව මාගේ අදහසයි. නමුත් ග්රාමනිලධාරි වසම්වල සිටින සුදුසුකම්ලත් වයස් කාණ්ඩයේ 20%ක් වත් මෙම ක්රමවේදය භාවිත කර නොතිබුණි. එම ක්රමවේදයේ දුර්වලතාවයක් නම් අදාළ ලියාපදිංචිය සදහා ලබාදෙන කෙටි පණිවිඩය අදාළ පුද්ගලයා රැගෙන එන දුරකථනයෙන් ඒ මොහාතේ පරීක්ෂා කර අදාළ පුද්ගල හැදුනුම්පත ද ඒ සමග පරීක්ෂාවට ලක්කීරීමක් සිදුවුවත් එම අදාළ නිවස් ඒකකයේ ලියාපදිංචියට සුදුසුකම් ලැබූ සියලුදෙනා හෝ ඔවුන්ගේ නම් එම කෙටි පණිවිඩයේ ඇතුලත් වීමක් නොතිබූ අවස්ථා තිබුනි. තවද තමාට ලැබුණු කෙටි පණිවිඩය වෙනත් අයට යොමු කර එවැනි පිරිස් වල පැමිණීම ද දක්නට ලැබිනි. විශාල පිරිසක් පොලිමේ රැදී සිටින අවස්ථාවේ දී මෙම පරීක්ෂා කිරීම සදහා යන කාලය පිළිබදව ගැටළුවක් පැන නැගී තිබුණි. ග්රාම නිලධාරී වසමේ සිටින සියලු දෙනාට මෙම ක්රමවේදය යටතේ ලියාපදිංචිවීමට හැකියාවක් නොමැත. ග්රාම නිලධාරී වසමේ නියමිත වයස් ඛාණ්ඩයට අදාළ සියලු දෙනාට එන්නත හිමිවන පදනම සලකා බැලීමේ දී ග්රාමීය කමිටුව මගින් බෙදාහැර තිබූ නම, ලිපිනය, වේලාව ඇතුලත් කූපනය පරීක්ෂා කර ජනතාව ඇතුලත් කිරීම වඩා පහසුබව හා ඵලදායිබව පෙනෙන්නට තිබුණි. ප්රාදේශීය ලේකම් කාර්යාලය ඔන්ලයින් ක්රමවේදයෙන් ඉවත්වීම හා නැවත ආරම්භ කිරීම පිළිබද කිසිවක් මා නොදනිමි.

◙ එසේ ම අදාළ ස්ථානය විෂබීජහරණය කර එන්නත් කිරීම සදහා වෛද්යවරුන්ට සුදුසු ස්ථානයක් සකස් කිරීමත් ජනතාව ලියාපදිංචි කිරීම සදහා ස්ථාන සකස් කිරීමත් ප්රාදේශීය ලේකම් කාර්ය මණ්ඩල හා නගර සභා කාර්ය මණ්ඩල යොදා ගෙන සිදු කරනු ලබයි.

◙ මඩවලමුල්ල ග්රාම නිලධාරී වසමේ දී ක්රියාත්මක වූයේ ද මෙම ක්රමවේදයයි. ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ සෙසු ග්රාම නිලධාරී වසම් හා සැසදීමේ දී ඉතා වැඩි ජනගහණයක් ජීවත්වන කොට්ඨාසයක් වන මඩවලමුල්ල කොට්ඨාසයේ එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලැබූ 4900 ක් පමණ ජනතාවකට ඉතා සාර්ථකව එන්නත් කිරීමේ කාර්ය සිදුවිය.වෛද්යවරු ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලය ඉතාම කාර්යක්ෂමව එන්නත් කිරීම සිදුකල අතර ස්ථාන 26 කදී ජනතාව ලියාපදිංචි කිරීමට මා විසින් නගර සභා කාර්ය මණ්ඩල යොදවා සූදානම් කර තිබූ අතර ප්රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩල මගින් ලියාපදිංචි කිරීම කඩිනමින් සිදුකරන ලදි. ප්රදේශ භාර ග්රාම නිලධාරීන් / සමෟද්ධි නිලධාරින් / ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් මඩවලමුල්ල කොට්ඨාසයට අදාළ සියලු දෙනා එන්නත්කරණයට යොමු කිරීම සදහා තෝරාදෙනු ලැබූ අතර ශ්රි ලංකා පොලිසිය, ශ්රී ලංකා යුධ හමුදාව විසින් විශාල සහයෝගයක් ලබා දෙන ලදි.

◙ මෙම ස්ථානයේ මම නොසිටි අවස්ථාවක ගේට්ටුව වැසීමක් සිදුවී තිබූ අතර එම අවස්ථාවේ තෙරපුමක් ඇතිවී තිබිනි. එය විනාඩි පහලොවක් තුල නිවැරදි කර සියලු දෙනාම නැවත පෙල ගැස්වීමට කටයුතු කරන ලදි. ඒ හැර එම ස්ථානයේ කිසිම ගැටළුකාරී සිදුවීමක් ඇති නොවුන බව මා වගකීමෙන් ප්රකාශ කරමි.

◙ මාගේ දේශපාලනය තුල නිලධාරීන් එසේම ජනතාව අතර නිකරුනේ ගැටලු ඇතිකර ගැනීමට මට කිසිම අවශ්යතාවයක් නැත. මා හැකි සෑමවිටම පවත්නා නීතිය තුල ජනතාවට සේවයක් හැර අසාධාරණයක් සිදුකිරීමට කටයුතු කර නැත.

◙ මඩවලමුල්ලේ දී මේ සියල්ල සාර්ථකව සිදුවීම බලා සිටීමට නොහැකි පිරිස් ද සිටින්නට ඇතැයි සිතමි. මාගේ විශේෂ බලාපොරොත්තුව වන්නේ ගාල්ල ආසනයේ ජීවත් වන ජනතාව මුළුමනින්ම එන්නත්කරණය සිදුවනු දැකීමය. ඒ වනතෙක් මා ද එන්නත් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නැත. එමෙන්ම මම හිතවතුන් කිසිවෙකුට විශේෂ කර එන්නත ලබා දීමට කටයුතු කර නැත. මාගේ නිවසේ පදිංචි මාගේ ම සහෝදරයින් දෙදෙනාට පවා මෙතෙක් එන්නත් කිරීමක් සිදුකර නැති බව ප්රකාශ කරමි.

ස්තුතියි !

ප්රියන්ත සහබන්දු

ගාල්ල නගරාධිපති