ගාල්ල නගර ශාලාව නවීකරණය කිරීම

ගාල්ල මහා නගර සභාව සතු ගාල්ල නගර ශාලාව නවීකරණය කිරීම 2020.11.18 දින ගරු නගරාධිපති ප්රියන්ත සහබන්දු මැතිතුමාගේ සහ ගරු නියෝජ්ය නගරාධිපතිතුමා ඇතුළු ගරු නාගරික මන්ත්රි මණ්ඩලයේ ආරාධනයෙන් වැවිලි කර්මාන්ත ගරු අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මැතිතුමා, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලියම් ගමගේ මැතිතුමා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන ගරු රාජ්ය අමාත්ය මොහාන් පී. ද සිල්වා මැතිතුමා සහ ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සම සභාපති, ගාල්ල දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී සම්පත් අතුකෝරළ මැතිතුමාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය. ගාල්ල දිසාපතිතුමා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ නාගරික කොමාසාරිස්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය ද සහභාගී වූ මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ශ්රී ලංකා යුධ හමුදාවේ ශ්රම දායකත්වයෙන් මෙම නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතය.

 

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න