2024 ජාතික කියවීමේ මාසයට සමගාමීව ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාල සංවිධානය කළ සාහිත්‍යය තරගමාලාවේ ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය.

“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” 2024 ජාතික කියවීමේ මාසයට සමගාමීව ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාල සංවිධානය කළ සාහිත්යය තරගමාලාවේ, රචනා තරගාවලිය (සිංහල/දෙමළ/ඉංග්රීසි මාධ්ය) (ප්රාථමික/කණිෂ්ඨ/ජ්යෙෂ්ඨ අංශ) චිත්ර තරගාවලිය (ප්රාථමික/කණිෂ්ඨ/ජ්යෙෂ්ඨ අංශ) අන්තර් විද්යාලයීය විවාද තරගාවලිය, බිත්ති පුවත්පත් තරගාවලිය (ජ්යෙෂ්ඨ අංශ) කෙටිකතා තරගාවලිය (වයස අවු 18ට අඩු) කෙටි නාට්ය තරගාවලියේ ජයග්රාහක ජයග්රාහිකාවන් 286 දෙනෙකු සඳහා ත්යාග සහ සහතිකපත්ර ප්රදානය දකුණු පළාත් ආණ්ඩුකාර ධුරන්ධර බන්දුල හරිස්චන්ද්ර මැතිතුමාගේ ප්රධානත්වයෙන් තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2024.11.19 දින ගාල්ල මහා නගර සභා ශාලාවේ දී පැවැත්විණි.මෙදින අන්තර් විද්යාලයීය විවාද තරග මාලාවේ අවසන් මහා තරගය ගාල්ල අනුලාදේවී බළිකා විද්යලය සහ මහින්ද විද්යාලය අතර පැවැත්වූ අතර, ගාල්ල මහින්ද විද්යාලය ශූරතාවය දිනාගන්නා ලදී. මෙදිනම අන්තර් විද්යාලයීය කෙටිනාට්ය තරගාවලියේ ශූරතාවය දිනාගත් ගාල්ල පියතිස්ස ආදර්ශ විද්යාලයේ “මිලියනපති කෙටිනාට්ය” වේදිකාගත කෙරිණ.

උත්සව අවස්ථාවේ සියලු ඡායාරූප මෙම දිගුවෙන් භාගත කරගන්න. https://drive.google.com/.../1nK8gmsVIJ3HSf5ry45qoPee2e60...