මොරගොඩ ඇලේ ජලය පාලනය කිරීම සඳහා මූලික ක්ෂේත්‍ර පරීක්ෂණය

පසුගිය දින වල ඇති වූ අධික වර්ෂා තත්ත්වයත් සමග දංගෙදර, මොරගොඩ ප්‍රදේශය වැසි ජලයෙන් යට වූ අතර කාලයක සිටම මෙම ජල ගැටළුව මහජනතාවට මහත් පීඩාකාරී තත්ත්වයක් ඇති කරතිබේ. ඒ සඳහා ස්ථිර විසදුමක් ලෙස පොම්පාගාරයක් මගින් මොරගොඩ ඇලේ ජලය පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘතියේ මූලික ක්ෂේත්‍ර පරීක්ෂණය

සිහේළි තූර්යා දියණිය ගරු නගරාධිපතිතුමා මුණගැසීම

TV දෙරණ ආයතනය මගින් පැවැත්වූ Derana Little Star Season 10 අවසාන මහා තරඟාවලියේ අවුරුදු 08 න් පහළ දක්ෂතම හා ජනප්‍රියම තරුව ලෙස කිරුළු පැළඳි සිහේලි තූර්යා දියණිය 2020.07.28 දින ගරු නගරාධිපතිතුමා මුණගැසීමට පැමිණියාය. එහි දී එම දෙමව්පියන් හා දියණිය ගරු නගරාධිපතිතුමා සමග සුහද පිළිසඳරක යෙදුනු අතර...

බාලදක්ෂ මාවතේ පොදු වැසිකිළිය අලුතින් ඉදි කිරීම.

ගාල්ල නගරයේ බාලදක්ෂ මාවතේ තිබූ පොදු වැසිකිළි පද්ධතිය ආබාධිත පුද්ගලයන් සඳහා ද පරිහරණය කිරීමට උචිත ලෙස ගාලු උරුමය පදනම මගින් අලුතින් ඉදිකර ගාල්ල මහා නගර සභාව වෙත භාර දෙන ලදි.

ගාල්ල මහා නගර සභාව මගින් එළවළු පැල, කොම්පෝස්ට් පොහොර හා බීජ බෙදා දීම

සෞභාග්‍යා ගෙවතු වගා සංග්‍රාමය වැඩසටහන යටතේ ගෙවතු වගාව පිළිබඳ උනන්දුවක් දක්වන අයට එම  කටයුතු වලට දිරිදීමක් වශයෙන් එළවළු පැල, කොම්පෝස්ට් පොහොර හා බීජ  සභා අරමුදලේ දායකත්වය යටතේ ලබා දීමට කටයුතු කෙරිණි. එම එළවළු පැල හා අනෙකුත් ද්‍රව්‍ය ගාල්ල මහා නගර සභා ප්‍රජා සංවර්ධන අංශය හරහා ගාල්ල මහා නගර සභාවේ මන්ත්‍රී මණ්ඩලයේ මග පෙන්වීම මත සභා බල ප්‍රදේශයේ අදාළ පවුල් ඒකක වෙත ලබා දීමට කටයුතු කෙරිණි.

ඉන්දියානු පොත් එකතුවක් ගාල්ල ආචාර්‍ය රිචර්ඩ් පතිරණ පුස්තකාලයට

ගාලු වැසියන් සඳහා සංස්කෘතික තොරතුරු කාර්‍යාලයක් ලෙස "Bharat Ek Parichay" - Sharing Knowledge with TheWorld වැඩසටහන යටතේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්‍යාලය මගින් ඉන්දියානු පොත් එකතුවක් (Indian corner) ගාල්ල මහා නගර සභාවේ ආචාර්‍ය රිචර්ඩ් පතිරණ මහජන පුස්තකාලයට පිරිනැමීම 2019.08.30 දින ඉන්දීය කොන්සල් ජනරල් ප්‍රේම් කුමාර් නයිර් මැතිතුමා විසින් සිදුකරන ලදී.

ගාල්ල ආසියාවේ සුන්දරතම නගර අතරට

ආසියානු කලාපීය රටවල් වල පිහිටි සුන්දර නගර 13ක් අමෙරිකාවේ CNN මාධ්‍ය ආයතනය විසින් නම් කර තිබෙනවා. එම නගර අතරට ශ්‍රි ලංකාවේ ගාල්ල නගරය ද එක්ව තිබෙනවා. “ඓතිහාසික ඕලන්ද බලකොටුව” (Galle Dutch Fort) කේන්ද්‍ර කරගත් ගාල්ල නගරය වශයෙන් මෙම සුන්දරතම නගර අතරට ගාල්ල නගරය එක්කර තිබීම සුවිශේෂීත්වයක්.

 

සුමධුර ධර්මදේශනය

ගාල්ල මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද අවිස්සාවේල්ල, පුවක් පිටිය, මුණ්ඩිගල ශ්‍රී සුමනගිරි අරණ්‍ය සේනාසනාධිපති අසරණ සරණ, කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය මිල්ලෑවේ මහින්ද නාහිමිපානණ් වහන්සේ විසින් පවත් වන ලද සුමුධුර ධර්මදේශනය 2019.08.15 දින සවස ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී පැවැත්විණි.

දකුණු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන - 2019.06.03

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ප්‍රධාන ඩෙංගු මර්ධන වැඩසටහන ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශය කෙන්ද්‍ර කර ගනිමින් 2019.06.03 දින

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහන

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඇතිවී තිබෙන ඩෙංගු රෝග ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනක් 2019.04.18 දින පෙරවරුවේ ආරම්භ කෙරිණි. ගාල්ල හිරිඹුර සුලෙයි මානියා මහා විද්‍යාලය අසලින් ආරම්භ කල මෙම වැඩසටහන සඳහා...