අවිධිමත් ලෙස කසළ බැහැර කරන අය අත්අඩංගුවට

ගාල්ල මහා නගර සභා සීමාව තුළ අවිධිමත්ව කසළ බැහැර කිරීම් සම්බන්ධව පසුගිය දිනවල ලැබී තිබූ පැමිණිළි සහ ගාල්ල මහා නගර සභා කසළ කළමණාකරණ ඒකකයේ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරු මත ක්රියාත්මක වූ ගාල්ල පොලිසියට අනුබද්ධ පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් 2021.11.30 දින සිදුකරන ලද වැටලීමක් මගින් ගාල්ල මොරගොඩ ඇළ හා බ්රවුන්ස් පාර ප්රදේශයට කසළ බැහර කරමින් තිබුණු ලොරි රථයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව මාර්ගයට කසළ බැහැරකිරීම් සිදුකළ පුද්ගලයින් කිහිපදෙනෙකුටද එරෙහිව එම ඒකකය මගින් නීතිය ක්රියාත්මක කරන ලදි.

මේ සම්බන්ධයෙන් කටයුතු කළ පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන්, ගාල්ල පොලිස් ස්ථානාධිපතිතුමා, ගාල්ල පොලිස් කොට්ඨාසය භාර නිලධාරීතුමා සහ පළාත භාර නියෝජ්ය පොලිස්පතිතුමා වෙත පිරිසිදු නගරයක් සදහා කැපවී කටයුතු කරන ගාල්ල මහා නගර සභා කසළ කළමනාකරණ ඒකකයේ ස්තූතිය පළකර සිටී.