ගා/ඕල්කට් විද්‍යාලයේ දී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.14 දින ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්රා 5800 ක් (වසය අවුරුදු 60 ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්රමුඛතාව ලබා දී) ලබා දීම ගා/ඕල්කට් විද්යාලයේ දී ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, වෛද්ය නිලධාරීන්, ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්ය සේවා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි. එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව සහභාගී කරවූ ප්රජා සංවර්ධන සමිති, සිවිල් ආරක්ෂක කමිටු ආදී ප්රජා මූල සංවිධාන වෙත ගරු නගරාධිපතිතුමාගේ විශේෂ ස්තූතිය පිරිනැමේ.