ගාල්ල මහා නගර සභා පෙරපාසල් දරු දැරියන් සඳහා පාසල් බෑග් බෙදා දීම

ගාල්ල මහා නගර සභාවේ පෙර පාසල් දරු දැරියන් සඳහා වාර්ෂිකව සිදුකරන වර්ෂ අවසාන විවිධ ප්රසංගය මෙවර රටේ පවතින කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය නිසා සිදුනොකරන ලද බැවින් ගාල්ල මහා නගර සභාවේ සියළුම පෙර පාසල් දරු දැරියන් 530 කට නොමිලයේ පාසල් බෑග් බෙදා දීම 2021.02.11 හා 12 දෙදින තුල සිදුකරන ලදි. මෙම අවස්ථාව සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපතිතුමා, ගරු මන්ත්රී මණ්ඩලය හා නාගරික කොමසාරිස්තුමා ඇතුළු නිලධාරීන් ද සහභාගී විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න