ගාල්ල මහා නගර සභාවේ සේවක ඇගයීමක්

ගාල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ අංශයේ සේවක පිරිසක් 2020.10.24 දින ගාල්ල කොටුව ප්රදේශයේ සේවයේ යෙදී සිටිය දී බිම වැටී තිබූ බෑගයක් හමුවී එය කොටුව සංචාරක පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇති අතර විවාහ මංගල්යයකට පෙර ඡායාරූප ගැනීමට පැමිණි යුවලකට අයත් මෙම බෑගයේ තිබූ මුදල්, ලැප්ටොප් පරිගණයක් හා බැංකු කාඩ්පත් ඇතුළු තවත් ලියකියවිලි රැසක් යළිත් එහි හිමිකරුවන්ටම භාර දීමට ක්රියා කර ඇත. මෙම යහපත් හා ආදර්ශවත් ක්රියාව ඇගයීමකට ලක් කරමින් නිශාන්ත වීරකෝන් මහතා (වැඩපරිපාලක), එල්.පී. සුසිල් මහතා හා එන්.එල්. සුමනසීලී මහත්මිය වෙත ගරු නගරාධිපතිතුමා හා නාගරික කොමසාරිස්තුමා අතින් ත්යාග හා ඇගයීම් සහතික ප්රදානය කිරීමක් 2020.11.16 දින සිදුවිය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න