මොරගොඩ ඇලේ ජලය පාලනය කිරීම සඳහා මූලික ක්ෂේත්‍ර පරීක්ෂණය

පසුගිය දින වල ඇති වූ අධික වර්ෂා තත්ත්වයත් සමග දංගෙදර, මොරගොඩ ප්රදේශය වැසි ජලයෙන් යට වූ අතර කාලයක සිටම මෙම ජල ගැටළුව මහජනතාවට මහත් පීඩාකාරී තත්ත්වයක් ඇති කරතිබේ. ඒ සඳහා ස්ථිර විසදුමක් ලෙස පොම්පාගාරයක් මගින් මොරගොඩ ඇලේ ජලය පාලනය කිරීම සඳහා වන ව්යාපෘතියේ මූලික ක්ෂේත්ර පරීක්ෂණය 2020.09.04 දින වැවිලි කටයුතු පිළිබඳ ගරු කැබිනට් අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මැතිතුමාගේ මූලිකත්වයෙන්, ගරු නගරාධිපති ප්රියත්න සහබන්දු මැතිතුමා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්, ලෝක බැංකු ව්යාපෘති නිලධාරීන් සමග ගාල්ල මහා නගර සභා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න