ගරු ආණ්ඩුකාරතුමා මොරගොඩ ඇල ව්‍යාපෘතිය පිළිබද නිරීක්ෂණය කිරීම

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර කීර්ති තෙන්නකෝන් මැතිතුමා, ගරු නගරාධිපතිතුමා, ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය හා නාගරික කොමසාරිස්තුමිය ඇතුළු නිලධාරීන් හා එම ව්‍යාපෘතිය භාර නිලධාරීන් විසින් ගාල්ල මොරගොඩ ඇල ව්‍යාපෘතියේ කටයුතු පිළිබදව නිරීක්ෂණය කිරීම 2019.01.18 දින සිදු කෙරිණි. මෙහිදී එම ප්‍රදේශය වැසිජලයෙන් යටවීම පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමාගේ දැඩි අවධානයට ලක්වුනු අතර මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කිරීම තුලින් එම උවදුර මගහරවා ගැනීමට අවශ්‍ය උපදෙස් රැසක් මෙම ව්‍යාපෘතිය භාර නිලධාරීන් හා ඉංජිනේරුවන්ට ලබා දුනි. මෙම අධීක්ෂණයේ දී ගරු ආණ්ඩුකාරතුමා එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගෙන් ද අදහස් විමසීම් සිදුකල අතර මෙම ඇල මාර්ගයට නීති විරෝධී ලෙස කැළි කසළ බැහැර කිරීම සම්බන්ධව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සම්බන්ධවද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

ජායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න