සිහේළි තූර්යා දියණිය ගරු නගරාධිපතිතුමා මුණගැසීම

TV දෙරණ ආයතනය මගින් පැවැත්වූ Derana Little Star Season 10 අවසාන මහා තරඟාවලියේ අවුරුදු 08 න් පහළ දක්ෂතම හා ජනප්‍රියම තරුව ලෙස කිරුළු පැළඳි සිහේලි තූර්යා දියණිය 2020.07.28 දින ගරු නගරාධිපතිතුමා මුණගැසීමට පැමිණියාය. එහි දී එම දෙමව්පියන් හා දියණිය ගරු නගරාධිපතිතුමා සමග සුහද පිළිසඳරක යෙදුනු අතර ගරු නගරාධිපතිතුමා එම දියණියගේ ඉදිරි අධ්‍යාපන හා ගායන කටයුතු සාර්ථක වේවායී සුභපැතුම් එක් කරමින් එම දියණියට පාසල් උපකරණ කට්ටලයක් ද පිරිනැමීණි. අවසානයේ දී ගරු නගරාධිපතිතුමා හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් මියුරු ගීතයකින් ද ඇය සංග්‍රහ කරන ලදි.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න

ගීතය