විශ්ව ළමා දින උත්සවය 2022 වර්ෂය

ගාල්ල මහා නගර සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශ්ව ළමා දින උත්සවය 2022 වර්ෂය සඳහා ද ගාල්ල මහා නගර සභාවේ
පෙරපාසල් දරු දැරියන් 550 ට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ගාල්ල, ධර්මපාල උද්‍යානයේ දී 2022.10.11 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම උත්සවය ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සහ නාගරික කොමසාරිස්(රා.ඉ.) දිළිනි සුමාලි මැතිතුමිය ඇතුළු ගාල්ල මහා නගර සභා නිලධාරී මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් ගාල්ල මහා නගර සභා ප්‍රජා සංවර්ධන ඒකකය මගින් සංවිධානය කර තිබිණි. තවද, මෙම අවස්ථාවට සහභාගී වූ දරු දැරියන් සියළු දෙනා සඳහා ගාල්ල මහා නගර සභාව මගින් වටිනා ත්‍යාග කට්ටලයක් ද තිළිණ කරන ලදි.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ගාල්ල කොටුව මහජන බැංක ශාඛාව මගින් ද අනුග්‍රාහකත්වය ලබා දෙන ලදි.