2022 වර්ෂයේ ගාල්ල මහා නගර සභාවේ රාජකාරී ආරම්භ කිරීම

2022 වර්ෂයේ ගාල්ල මහා නගර සභාවේ රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් 2022.01.03 දින චාම් උත්සවයක් සංවිධානය කර තිබිණි. සර්ව ආගමික වතාවත් සිදුකරමින් ආරම්භ කළ එම අවස්ථාව සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා හා ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමිය ඇතුළු සියළුම දෙපාර්තමේන්තු නියෝජනය කරමින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා කාර්යමණ්ඩලය සහභාගී විය.

මෙහිදී සියළුම කාර්ය මණ්ඩලය වෙත වාර්ෂිකව ලබා දෙනු ලබන සමරු තිළිණය සංකේතවත් කරමින් තිළිණ ප්‍රධානයක් ද සිදුවූ අතර මෙම උත්සවයට සමගාමීව ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිට පිහිටි හිටපු අග්‍රාමාත්‍ය, ගාල්ල මහා නගර සභාවේ පළමු ගරු නගාරාධිපතිතුමා වූ දිවංගත ගරු ආචාර්ය විජයානන්ද දහනායක මැතිතුමාගේ හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ගරු අමාත්‍ය ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙදින සිදුවිය.