2021.09.17 දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්මදින සැමරුම

2021.09.17 දින ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සැමරීමේ චාම් උත්සවයක් ගාල්ල ධර්මපාල උද්යානයේ පිහිටි ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව ඉදිරිපිට දී පැවැත්විණී. මෙම අවස්ථාව සඳහා ගාල්ල ගරු නගරාධිපති ප්රියන්ත සහබන්දු මැතිතුමා, ගාල්ල කඩවත් සතර ප්රාදේශීය ලේකම්තුමිය, ගාල්ල ධර්මපාල පදනමේ අනිල් කුමාරසිරි මහතා ඇතුලු පිරිසක් සහභාගී වූ අතර ගාල්ල ධර්මපාල පදනමේ සාමාජිකයින්ගේ සංවිධානත්වයෙන් සෞඛ්ය නිර්දේශ වලට අනුව මෙම උත්සවය පැවැත්විණි.