2021.08.24 දින අවුරුදු 60 ට වැඩි අය සඳහා එන්නත් ලබාදීම

ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ වයස අවුරුදු 60 ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා ක්රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ පළමු එන්නත් මාත්රාව ලබා දීම 2021.08.24 දින සිදු කරන ලදි. ගාල්ල සමනල ක්රීඩා පිටියේ, පියදිගම පොළ භූමියේ, ගා/සුලෙයිමානියා විද්යාලයේ හා කටුගොඩ උස්වතුන් හසානා විද්යාලයේ එන්නත් මධ්යස්ථාන පිහිටුවා තිබුනු අතර වයෝවෘද්ධ ජ්යෙෂ්ඨ පුරවැසියන් හා පැමිණීමේ පහසුතාවයන් ඇති අය වෙනුවෙන් විශේෂ ජංගම රථ කිහිපයක් යොදා ගනිමින් නිවෙස් වලටම ගොස් එන්නත් කිරීම සිදුකෙරිණි. ඒ අනුව එම එන්නත් මධ්යස්ථාන 04 මගින් හා ජංගම රථ මගින් ජපානයේ නිෂ්පාදිත Covishield (AstraZeneca) එන්නත් මාත්රා 570 ක පමණ ප්රමාණයක් ලබා දෙන ලදි. මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, ශ්රී ලංකා යුධ හමුදාවේ වෛද්ය නිලධාරීන් හා එම සෞඛ්ය කාර්යය මණ්ඩලය, සෞඛ්ය වෛද්ය නිලධාරීන්, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි.