ගාල්ල මහා නගර සභාවේ 2021 අයවැය වාර්තාව වැඩි ඡන්ද 26 කින් සභා සම්මත වෙයි.

ගාල්ල මහා නගර සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව සම්මත කිරීම සඳහා වන ඡන්ද විමසීම සෞඛ්යාරක්ෂිත නීති රීති අනුගමනය කරමින් 2020.12.11 දින පැවති අතර අතර එහි ප්රතිථල පහත පරිදි වේ.

  • අයවැයට පක්ෂව ඡන්ද - 29
  • විපක්ෂව ඡන්ද - 03
  • සභාවේ රැදී නොසිටි - 01
  • ඡන්දය ලබා නොදුන් - 01

ඒ අනුව වැඩි ඡන්ද 26 කින් අයවැය වාර්තාව සභා සම්මත විය. මෙහිදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නගරාධිපති ගරු නාගරික මන්ත්රී කැළුම් සෙනෙවිරත්න මැතිතුමා සභාවේ රැදී නොසිටි අතර ගරු නියෝජ්ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියළුම මන්ත්රීවරුන් පක්ෂව ඡන්දය ලබාදුනි. එක්සත් ජනතා නිදහස් සංධානය (ශ්රී ලංකා නිදහස් පක්ෂය) නියෝජනය කරන හිටපු නගරාධිපති ගරු නාගරික මන්ත්රී මෙත්සිරි ද සිල්වා මැතිතුමා සහ තවත් මන්ත්රීවරයෙක් පක්ෂව සහ එක් මන්ත්රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ජනතා විමුක්ති පෙරමුණ නියෝජන කරන ගරු නාගරික මන්ත්රීවරුන් තිදෙනා විපක්ෂව ඡන්දය ලබා දෙන ලදි.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න