ගාල්ල මහා නගර සභාව මගින් නොමිලයේ පාසල් පොත් හා උපකරණ බෙදාදීම.

ගාල්ල මහා නගර සභාව මගින් ක්රියාත්මක පුර නැගුමට වැඩ දහසක් වැඩසටහන යටතේ ගාල්ල මහා නගර සභාව මගින් ගාල්ලේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ අභ්යාස පොත් හා උපකරණ කට්ටල 11000 ක් බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය 2020.12.02 දින ගාල්ල, මාඉටිපේ, මිරිස්වත්ත සුධර්මාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි. සෞඛ්යාරක්ෂිත ක්රමවේද භාවිතා කරමින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාව සඳහා ගරු නගරාධිපති ප්රියන්ත ජී. සහබන්දු මැතිතමා, ගරු නියෝජ්ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා හා ගරු නාගරික මන්ත්රී මණ්ඩලය සහ නාගරික කොමසාරිස්තුමා ඇතුළු නගර සභා නිලධාරීන්ද සහභාගී විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න