ඔබගේ කාරුණික අවධානය පිණිසයි!!!

අවධානය පිණිසයි

COVID 19 රෝග ව්‍යාප්තිය හමුවේ මහජනතාව අනුගමනය කළයුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැනුවත් කිරීමයි. මෙම දිනවල ගෝලීය COVID 19 වෛරස ආසාදනය ගාල්ල දිස්ත්‍රික්කය තුළ පැතිර යාම අවම කිරීම සඳහා මහජන සහය අත්‍යාවශ්‍ය වී තිබේ.

ඒ සඳහා,

  1. අත්‍යාවශ්‍ය කරුණකට හැර ගමන් බිමන් යාමෙන් වැලකී සිටිය යුතුයි.
  2. සෙනග ගැවසෙන ස්ථාන කරා යාමෙන් වලකින්න.
  3. නිවසින් බැහැරයන සෑම අවස්ථාවකදීම මුව ආවරණය නිවැරදිව පලඳින්න.
  4. නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරීම සිදුකර ගන්න.
  5. සෑම විටම සෑම අයෙකුම සමගම මීටරයක් දුරින් සිට කටයුතු කිරීමට උත්සාහ ගන්න.
  6. ඔබ පසුගිය සති 2 ක කාලය තුල COVID 19 ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කලේ නම් හෝ COVID 19 වෛරස අවධානම් ප්‍රදේශයක සංචාරය කලේ නම් හෝ COVID 19 අවධානම් සහිත ආයතනයක සේවය කළ අයෙකු වේ නම්,

උණ, කැස්ස, උගුර රිදීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් නිවසේ රැදී සිට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී මහත්මිය අමතන්න.

එලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී මහත්මිය දැනුවත් කිරීමකින් තොරව ප්‍රතිකාර ගැනීම සඳහා ප්‍රාදේශීය රෝහල් කරා යාමෙන් වැලකී සිටින්න.

අදාල දුරකථන අංක වනුයේ  091 2234378 (ගාල්ල මහා නගරසභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව) 1999 වේ.

අදාල රෝගීන් රෝහල්ගත කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් සිදු කෙරනු ඇත.

ඔබ දක්වන සහයෝගය පිළිබඳව ස්තූතියි.

එය කෝවිඩ් වෛරසය පැතිරීම වැලැක්වීමට මහත් පිටුවහලක් වනු ඇත.

වගකීමෙන් කටයුතු කරමු. COVID 19 පරදවමු.